Home උණුසුම් පුවත් ඇප ලැබී එළියට ඇවිත් දවසයි -හිටපු ඇමති යළි අත්අඩංගුවට

ඇප ලැබී එළියට ඇවිත් දවසයි -හිටපු ඇමති යළි අත්අඩංගුවට

ඇප ලැබී එළියට ඇවිත් දවසයි -හිටපු ඇමති යළි අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කොට දිනකට පසුව හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද යළිත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පදවා මෝටර් රථයක් සමඟ ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි.

මෙම අනතුර සිදුව තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ ඊයේ (05) මුදාහැරුණේ දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් ද සමඟිනි.

ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here