Home උණුසුම් පුවත් හන්තානේ අතරමං සිසුන් හමුදා මෙහෙයුමකින් මුදාගනියි

හන්තානේ අතරමං සිසුන් හමුදා මෙහෙයුමකින් මුදාගනියි

0
හන්තානේ අතරමං සිසුන් හමුදා මෙහෙයුමකින් මුදාගනියි

කොළඹ ඩී.එස්. සේනානායක සහ කැලණිය ගුරුකුල විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 10 දෙනෙක් පුද්ගලික සංචාරයක් ලෙස හන්තාන කන්ද තරණය කිරීමට ගොස් මීදුම හේතුවෙන් ඊයේ අතරමංව ඇත.

මෙම සිසුන් වයස අවුරුදු 16ත් 17ත් අතර වයස්වල පසුවන කොළඹ, කිරිබත්ගොඩ සහ කඩවත පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

මෙම පිරිස පේරාදෙණිය පොලිස් වසමෙන් සරසවිගම ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය. ඔවුන් කඳුමුදුනට ගොස් සිටියදී ඇතිවූ අධික ශිල තත්ත්වය මත ඔවුන් අතරමංව සිට ඇත. ඒ අතර සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළීම හේතුවෙන්ද දැඩි අසීරුතාවයකට පත්ව සිට ඇත. මේ ගැන ඔවුන් ජංගම දුරකථන වලින් දන්නා කියන අයට දැනුම් දී තිබේ. ඒ අය මේ ගැන පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම යුධ හමුදාවට දැනුම්දී තිබේ.

ඒ අනුව නුවරඑළිය සහ ගම්පොල හමුදා කදවුරුවල සෙබලු ඊයේ සවස් කාලයේදී සිසුන් සොයා මෙහෙයුම් ආරම්භකර ඇත. මේ සම්බන්ධයෙන් ගලහා පොලීසිය සඳහන් කරනු ලැබුවේ ගම්පොල කඳවුරේ සෙබලුන්ට මෙම සිසුන්ව ඊයේ රාත්‍රී කාලයේදී හමුවී ඇති බවය. ආරක්ෂිතව සිසුන් පිරිස පහළට ගෙන ඒමට හමුදා සෙබලු පියවර ගෙන තිබුණු බවද පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here