Home COVID මාස්ක් නැතිව පාරේ රැදී සිටියාට අත්අඩංගුව ටගත් පුද්ගලයා මරුට

මාස්ක් නැතිව පාරේ රැදී සිටියාට අත්අඩංගුව ටගත් පුද්ගලයා මරුට

0
මාස්ක් නැතිව පාරේ රැදී සිටියාට අත්අඩංගුව ටගත් පුද්ගලයා මරුට

මුඛ ආවරණ නොමැතිව මහ මග රැදී සිටීම සම්බන්ධව නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේදි තුවාල ලබා රෝහල් ගතකිරීමකින් පසු මියයාමක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පානදුර කෙසෙල්වත්තේ වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 වියැති පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

පොලීසිය එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (06) පෙරවරු 9.00 ට පමණය. පොලිස් ජංගම රථයේ දමාගෙන ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ රථයෙන් බිමට පැනීමෙන් ඔහු තුවාල ලැබූ බව පොලීසිය සදහන් කරයි. සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් ඔහුට ඇප ලබාදුන් බවත් සවස 6.30 ට පමණ ඔහු මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් එම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටි පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව අජිත් රෝහන මහතා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයැවීමෙන් විමර්ශන පැවැත්වෙන බවද අජිත් රෝහන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here