fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් ඈත්වීමට ගත් තීන්දුවට ගෝඨාභයට ලෝක පරිසර විද්‍යාඥයන්ගේ...

    කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් ඈත්වීමට ගත් තීන්දුවට ගෝඨාභයට ලෝක පරිසර විද්‍යාඥයන්ගේ පැසසුම්

    රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කිිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර විද්‍යාඥයන්ගේ පැසසුම් හිමිවී තිබේ.

    රෝම නගරයේදී ඉකුත් දා ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබද එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වැනි සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

    රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය වලින් තොර කෘෂිකර්මාන්තයක් සදහා සෙසු රටවල් ආදර්ශයක් ගෙන දෙමින් නොබියව ගත් තීරණයට ගෞරවය දක්වමින් මෙම සමුළුවේ පළමු දෙසුම ගෝඨාභය රාජපන්ෂ මහතාට පුදකර තිබුණි.

    ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොලඹවනු ඇතැයි විශ්වාසය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමුළුවේදී සෙසු අවධාරණය කළේය.

    මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බවද එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය. එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතු බව මෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    මෙම සමුළුවේදී සංවිධායක මඩුල්ල වෙනුවෙන් ලිිපියක් නිකුත්කර ඇති ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශනය විශේෂ ඇගයීමකට ලක්කර තිබේ.

    “ඔබගේ නිර්භීත ප්‍රකාශය සහ ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ පැහැදිලි තාර්කිකත්වය ගැන මම ගැඹුරින් පැහැදුනෙමි. මෙම ආරම්භක දේශනය අද වන විට කෘෂිපරිසර විද්‍යා සැසියට පමණක් නොව, සමස්ත සමුළුවේ කෘෂිපරිසර විද්‍යා වාර්තාව කෙරෙහි ද ඉවහල් වනු ඇත. ඔබේ ප්‍රකාශය, ඒවා ක්‍රියාත්මක කිරීමට මග පෙන්වන අතර ජාතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවණතාවක් ඇති කරයි. ඔබේ ප්‍රකාශය ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමුළුවෙන් ඔබ්බට ගොස්, දේශගුණික විපර්යාසයන් දෙස ගැඹුරින් බැලීමට සහ කෘෂිපරිසර විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වූ වඩා තිරසර ආහාර පද්ධති වෙත යොමුවීමට ප්‍රමුඛ පෙළේ පියවරක් ලෙස පිළිගනු ඇත. ශ්‍රී ලංකාව විසින් ගනු ලබන මෙම තීරණාත්මක හා ප්‍රායෝගික ක්‍රියා අන් අයට පිටිවහලක් වනු ඇත.” ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා ගෝඪාභය රාජපක්ෂ මහතාව ඇගයීමට ලක්කර ඇත්තේ එසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.