තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඩී.අයි.ජී. ලා සිව් දෙනෙක් මාරුකරති

    ඩී.අයි.ජී. ලා සිව් දෙනෙක් මාරුකරති

    වහාම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක්ට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ස්ථානමාරුවීම ලබාදී තිබේ.

    යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පොලිස් මූලස්ථානයේ සුබසාධන දිසාවටත් අම්පාර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතා බස්නාහිර පළාත් අපරාධ මර්දන දිසාව භාරවත්, විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශ ප්‍රධානියව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. කරුණාරත්න මහතා අම්පාර දිසාව භාරවත් පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා යාපනය නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත.

    මෙම ස්ථාන මාරුවීම් වලට අදාල නියෝගය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අත්සනින් අද (04) නිකුත් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img