Home උණුසුම් පුවත් ගෙවුණු මාසයේ ඩෙංගු රෝගීන් 860ක් කොළඹින්

ගෙවුණු මාසයේ ඩෙංගු රෝගීන් 860ක් කොළඹින්

ගෙවුණු මාසයේ ඩෙංගු රෝගීන් 860ක් කොළඹින්

අංජනා මල්ලවාරච්චි

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා කීය.

විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යා හැකි බව ද අධ්‍යක්ෂවරයා කීය.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උණ රෝගීන් 7860 දෙනෙකු වාර්තා වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයා කීය.

මැයි මාසයේ දී පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උණ රෝගීන් 859 දෙනෙකු හමු වූ බවද පැවසීය.

එම නිසා තම නිවාස අවට පිරිසිදුව තබා ගැනීමට උනන්දු වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here