fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ රෝහල් සායනවලට යන අයට බෙහෙත් තැපෑලෙන්

    රජයේ රෝහල් සායනවලට යන අයට බෙහෙත් තැපෑලෙන්

    අංජනා මල්ලවාරච්චි

    රජයේ රෝහල් හි සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවෙස්වලට මසකට හෝ දෙකකට ප්‍රමාණවත් පරිදි ඖෂධ මෙලෙස තැපැල් මගින් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.

    රෝගීන්ට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පාලන ඒකකයේ දුරකථන අංක 0720720720 හෝ 0720606060 ඔස්සේ ලබාගත හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.