Home දේශීය පුවත් උණුසුම් පුවත් ශ්‍රී ලංකා රුපියල හොඳම නැගී එන මුදල් ඒකකය බවට පත්වෙයි

ශ්‍රී ලංකා රුපියල හොඳම නැගී එන මුදල් ඒකකය බවට පත්වෙයි

ශ්‍රී ලංකා රුපියල හොඳම නැගී එන මුදල් ඒකකය බවට පත්වෙයි

ශ්‍රී ලංකා රුපියල හොඳම ක්‍රියාකාරී නැගී එන වෙළෙඳපොළ මුදල් ඒකකය බවට පත්ව ඇති බව Bloomberg වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.

ඒ ශ්‍රී ලංකා රුපියල අගෝස්තු අග වනවිට 8.21%ක ස්ථානීය ප්‍රතිලාභයක් ලබා ගනිමිනි.

ඒ අනුව, මාර්තු මාසයේ සිට අඛණ්ඩව මාස පහක් පුරා මෙලෙස නැගීඑමින් රුපියල 2024 වසරේ මේ දක්වා නැගී එන වෙළෙඳපොළ මුදල් ඒකකයේ හොඳම කාර්ය සාධනය පෙන්නුම් කරයි.

තවද, මැලේසියානු Ringgit 6.33% ක ස්ථාන ප්‍රතිලාභයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර 3.05% සමඟ African Rand තෙවන ස්ථානයට පත්වේ.

මේ අතර, නයිජීරියානු නයිරා සහ ඊජිප්තු පවුම 2024 ගෙවුණු මාස අට තුළ නැගී එන වෙළඳපල මුදල් වර්ගවල නරකම ස්ථානයට පත් වූ අතර පිළිවෙලින් -42.73% සහ -36.46% ස්ථාන ප්‍රතිලාභ ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here