Home දේශීය පුවත් උණුසුම් පුවත් තැපැල් ඡන්ද පත්‍රිකා බාරගැනීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද පත්‍රිකා බාරගැනීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද පත්‍රිකා බාරගැනීම අදින් ඇරඹෙයි
File photo

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු අද (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇත.

මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වනපරිදි අවලංගු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

එහිදී අසනීප තත්ත්වයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා පමණක් පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය යටතේ නිවාඩු ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here