Home උණුසුම් පුවත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

0
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු වන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද(23) දින දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තාද අතඩංගුවට ගෙන ඇත.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here