තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සටනින් පස්සේ පුංචි ඡන්දයත්

    ජනපති සටනින් පස්සේ පුංචි ඡන්දයත්

    ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා ය.

    එම ඡන්ද විමසීම හැකි ඉක්මණින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය තියෙන්නේ ජනාධිපතිවරණයට බව ය.

    ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීන්දු කළේය.

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img