යුනයිටඩ් පැට්රොලියම් සමාගම ඊයේ(22) මෙරට තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.
එම උත්සවය පැවැත්වුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස ආරම්භ කරනු ලැබේ.
ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රොලියම්, ලංකා ඉන්දියානු තෙල් සමාගම, සයිනොපැක් සමාගම, ආර් එම් පාක්ස් – ශෙල් සමාගම යන සමාගම්වලට පසුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන හතරවන සමාගමයි.