තවත්
    මුල් පිටුවspecialනිරෝෂන් දික්වැල්ලට 23 දාට ලැබෙන්න යන තීන්දුව

    නිරෝෂන් දික්වැල්ලට 23 දාට ලැබෙන්න යන තීන්දුව

    මේවනවිට තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

    එහි දී ඔහු වරදකරු වූවහොත් වසර 4ක සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

    නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණේ, මෙවර එල්.පී.එල් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් කළ පරීක්ෂණයකට අනුවය.

    ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සමඟ එක්ව තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වනු ලැබිණි.

    නිරෝෂන් දික්වැල්ල මීට පෙර ද විනය විරෝධි හැසිරීමක් හේතුවෙන් වසරක ක්‍රිකට් තහනමකට ලක් සිටියේය.

    ඉන් අනතුරුව එය මාස 6ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබියදී තවත් චෝදනාවකට ලක් වී සිටියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img