Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති

0
ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (11) පැවති විස්සයි 20 තරගකදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළේය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-0 ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 86* (45) ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවරිය වූවා ය. විශ්මි ගුණරත්න (31) ඇයට අනගි සහයක් ලබා දුන්නාය.

ඩබ්ලින් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම 145/6ක් ලබාගත්තේ ය. ගේබි ලුවිස් ලකුණු 39ක් ලබාගත්තාය.

මීළඟ තරගය හෙට දිනයේ පැවැත්වෙයි.

අයර්ලන්ත කාන්තා 145/6 (20)
ශ්‍රී ලංකා කාන්තා 149/3 (16.4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here