fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉන්දියාවේදී ඇල්ලූ කිඹුලාඇළ ගුණාගේ ගෝලයා කේරළේ හිරෙන් පනී

    ඉන්දියාවේදී ඇල්ලූ කිඹුලාඇළ ගුණාගේ ගෝලයා කේරළේ හිරෙන් පනී

    spot_img

    පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් විසින් ලබාදුන් හෙරොයින් කිලෝ 300කට වැඩි ප්‍රමාණයක් රැගෙන මුහුදු මාර්ග ඔස්සේ මෙරටට එමින් සිටියදී ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව කේරලයේ බන්ධනාගාරයක 2021 වසරේ සිට රදවා සිටි ශ්‍රී ලංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඉන්දියානු බන්ධනාගාර අත්අඩංගුවෙන් මිදී බෝට්ටුවක්ද සොරාගෙන මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙමින් සිටියදී වෙන්නප්පුවේදී පොලීසියට ඊයේ හසුවී ඇත.

    කිඹුලා ඇල ගුණා නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ කීමට මෙම පුද්ගලයා සිය තවත් දෙදෙනෙක් සමඟ 2021 වසරේ මාර්තු 20 වෙනිදා මීගමුවෙන් බහුදින ශෂිලා නැමැති ධීවර යාත්‍රාවේ නැගී ගොස් ඇත්තේ මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීමටය.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එම මත්කුඩු තොගය පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන මෙරටට යාත්‍රාකරමින් සිටියදී ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවකට හසුවී ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ සිදුකරන මත්කුඩු ජාවාරම මැඩලීම සඳහා කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිණි.

    කේරලයේ කොචින් වරායට බෝට්ටුව රැගෙන ගොස් සැකකරුවන්ව කේරලයේ බන්ධනාගාරයක සිරකර ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුතු නිමවන තුරුය.

    මෙතෙක් කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇතුළු පිරිසක් නඩුකටයුතු සඳහා අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන්ගෙන් මිදී මෙම පුද්ගලයා පළාගොස් ඇත්තේ පසුගිය ජුලි 24 වෙනිදාය.

    මොරටුව අගුලාන සමුද්‍රසන්න මාවතේ පදිංචිකරුවෙක් වන වර්ණකුලසූරිය පටබැදිගේ අජිත් නිශාන්ත නැමැති මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් පැන පාපැදියක් සොරාගෙන එම පාපැදියේ නැගී දින 03ක් තිස්සේ කිලෝ මීටර් 400ක් දුර ගෙවා කොචින් වරායට පැමිණ ඇත. වරාය පරීශ්‍රයේ දින කිහිපයක් සැගව සිටිමින් ඒකාලය තුළ ඩීසල් බූලි 10ක් රැස්කරගත් ඔහු අවසානයේදී එම ධිවර වරායෙන් බෝට්ටුවක් සොරාගෙන එහි නැගී මෙරට බලා යාත්‍රාකර ඇත්තේ රැස්කරගත් ඩීසල් බූලි ද යාත්‍රාවට පටවාගෙනය.

    මෙරට බලා පිටත් වීමට පෙර ලංකාව පිහිටා ඇත්තේ කොයි පැත්තේදැයි කේරලයේ ධිවරයෙකුගෙන් අසා දැනගෙන ඇති ඔහු එම දිසාවට යාත්‍රාව පදවා ඇත්තේ දහවල් කාලයේදීය. ඒ හිරු නැගෙන දිසාවේ ශ්‍රී ලංකාව ඇතැයි ධිවරයා පැවසීම හේතුවෙනි.

    දින ගණනාවක් තිස්සේ දහවල් කාලයට යාත්‍රාව පදවමින් ශ්‍රී ලංකාවේ කල්පිටිය සීමාවට යාත්‍රාව පැමිණ ඇත. ඒ පැමිණි විට යාත්‍රාවේ ඉන්ධන අවසන්ව යාත්‍රාවේ එංජිම ක්‍රියාවිරහිත වී තිබේ. මුහුදේ පාවෙමින් තිබුණු මෙම ඉන්දියානු යාත්‍රාව දුටු මෙරට ධිවරයින් මේ ගැන පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඉන්දියානුවන් මෙරට සීමාවේ මසුන් මැරීමට පැමිණ ඇතැයි සැකරමිනි.

    එම යාත්‍රාව ඊයේ පෙරවරුවේ සිට පාවෙමින් වෙන්නප්පුව කඩවර තල්දෙක වෙරල කිට්ටුවට සවස් වන විට පැමිණ ඇති අතර ඒ ගැන සෝදිසි කිරීමට පොලීසිය පැමිණෙන විට යාත්‍රාවේ සිටි මෙම පුද්ගලයා මුහුදට පැන පළායාමට උත්සහා දරා ඇත. ඒත් එක්කම යෝද රල පහරක් වැදී යාත්‍රාව ඔහුගේ ඇඟ මතට පෙරලී තිබේ. එහිදී ධිවරයින් සහ පොලීසිය එක්ව එම ධිවරයාව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

    මෙම පුද්ගලයාගෙන් පොලීසිය අද උදෑසන ප්‍රශ්න කිරීමේදී ඔහු ඉන්දියාවේ සිට පළා එමින් සිටින බව අනාවරණය වී තිබේ. ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ඔහු ඉන්දියානු හිරෙන් පළාවිත් සිටින අයෙක් බවත් ඒ වන විටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ඉන්දියාවේ ක්‍රියාත්මක බවත් දැනගන්නට ලැබී ඇත. ඉන්දියානු මාධ්‍යවල ඔහු පළාගිය පුවත පළවී තිබී ඇත.

    ඡායාරූපය -සැකකරු පැමිණි බෝට්ටුව සහ ඉන්දියානු පුවත්පතක පලවී තිබුණු වාර්තාව.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img