Home දේශීය පුවත් උණුසුම් පුවත් “මට අභියෝගයක් නෑ” -ජනපති සටන ගැන ජනපති කියයි

“මට අභියෝගයක් නෑ” -ජනපති සටන ගැන ජනපති කියයි

“මට අභියෝගයක් නෑ” -ජනපති සටන ගැන ජනපති කියයි

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සමඟ තමාට අභියෝගයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රබල ප්‍රතිවාදීන් ලෙස සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ යන අපේක්ෂයන් පිළිබඳ විමසමින් ජනාධිපතිවරයා වෙත මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඔහු මේ බව කියාසිටියේ ය.

“නෑ මට අභියෝගයක් නෑ. මම දෙන්නේ ඔබේ අනාගතය ගැන, ඒ අය දෙන්නේ ඒ අයගේ අනාගතය ගැන.ඔබලා තීරණය කළ යුතුයි කාටද දෙන්නේ කියලා” යැයි ජනාධිපතිවරයා කීය.

තමා ආවේ සටනකට නොවන බවත් තමාගේ ඉදිරි දැක්ම ජනතාව හමුවේ තබා ඇති සේම එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

සෙසු අපේක්ෂකයන් තමාට වැඩ කළ හැකි බවට ක්‍රියාවෙන් ඔප්පු කර නොමැති අතර පොරොන්දු හා වචන පමණක් ජනතාවට දෙන බවට හෙතෙම කීය.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ තේමාවෙන් යුතුව පවත්වන ලද මාධ්‍ය ආයතන ප්‍ර්‍රධානී හමුව අමතමිනි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here