තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුව තනිව යන්න තීරණය කරයි

    පොහොට්ටුව තනිව යන්න තීරණය කරයි

    එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර දේශපාලන මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද නැතිනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරනාවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා දේශපාලන මණ්ඩලය අද රැස්වී සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළේය.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර අදාළ සාකච්ඡාව එලෙස ඉදිරිපත්කරන අපේක්ෂකයා කවුද සම්බන්ධයෙන් මේ වනවිට දීර්ඝව සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img