Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු දිවියෙන් සමුගනියි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු දිවියෙන් සමුගනියි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු දිවියෙන් සමුගනියි

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වු නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 81ක් වන වියෙහි පසුවිය.

සමාජ අසාධාරණයන්ට එරෙහිව සටන් කළ නිර්භීත දේශපාලඥනයෙකු ලෙස ද ඔහු ප්‍රකට ය.
ඒ මහතා පක්ෂ නායකයෙකු වුවද කිසි දිනක පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් නොලැබුණි.

ඔහු දේශපාලනයට පිවිසියේ 1962 වසරේදී විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදීය.

ලංකා සමසමාජ පක්ෂය සමඟ එදා සම්බන්ධ වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 1972 ජනරජ ව්‍යවස්ථාවට සහාය දැක්වීම හේතුවෙන් සම සමාජ පක්ෂයෙන් නෙරපා හැරීය.

පසුව 1977 දී ඒ මහතා නව සම සමාජ පක්ෂය පිහිටුවුයේ වාසුදේව නානායක්කාර මහතා ඇතුලු ලංකා සම සමාජ පක්ෂයේ පිරිසක් සමග එක්වය.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ද කිහිපවරක් ඔහු මැතිවරණයට ඉදිරිපත් විය.

අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here