Home උණුසුම් පුවත් මෙහෙම වෙද්දී සංචාරකයෝ එයිද?

මෙහෙම වෙද්දී සංචාරකයෝ එයිද?

0
මෙහෙම වෙද්දී සංචාරකයෝ එයිද?

මෙරට සංචාරයක නිරත ජපන් ජාතික ආර්ථික විද්‍යාඥවරියක නවාතැන් ගෙන සිටි ඇල්ලේ හෝටල් කාමරයකට රිංගා ඇති සොරෙක් ඇය සතුව තිබුණු රුපියල් ලක්ෂ 13කට අධික දේපොල සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම පසුගිය 20 වෙනිදා රාත්‍රී 10.00ත් 21 වෙනිදා උදෑසන 7.00ත් අතර කාලය තුළ සිදුව ඇතැයි පොලීසිය කියයි.

රුපියල් 78,000ක්, ජපන් යෙන් 10,000ක්, ජංගම දුරකථනයක්, කැමරාවක්, මැණික් ගල් අල්ලන ලද පෙන්ඩනයක් හා උපැස් යුවලක් සොරාගත් භාණ්ඩ අතර වෙතැයි ඇල්ල පොලීසිය සඳහන් කළේය.

ආරක්ෂක කැමරා පරීක්ෂාකරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here