තවත්
    මුල් පිටුවදේශීය පුවත්මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් මැතිවරණ කොමිසමට කැඳවයි

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් මැතිවරණ කොමිසමට කැඳවයි

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

    මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මෙම කැඳවීම කර තිබේ.

    මුදල් අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බවයි.

    ජනාධිපතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක මුදල් නිකුත් කිරීමට හැකි බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

    මේ අතර මධ්‍යම අද (16) රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.

    මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img