තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්10 වැනි විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ තේමාව එළිදැක්වෙයි

    10 වැනි විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ තේමාව එළිදැක්වෙයි

    ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත 10 වැනි විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ තේමාව එළිදැක්වීම ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    "ආර්ථික වර්ධනය සඳහා වන විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මාර්ග සිතියම: 2025-2030" ("Science, Technology and Innovation Roadmap for Economic Development: 2025-2030") 10වැනි විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ තේමාව වී තිබේ.

    ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, 1994 අංක 11 දරණ විද්‍යාව දියුණු කිරීමේ පණත අනුව පිහිටුවන ලද, ජාතික විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති සකසන ආයතනය යි.

    එම පනතේ දැක්වෙන පරිදි ද්වීවාර්ෂිකව විද්‍යා හා තාක්ෂණ සමුළුවක් (BICOST) කොමිෂන් සභාව විසින් බුද්ධිමතුන් සහ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි.

    දසවැනි ද්වීවාර්ෂික සමුළුව (BICOST X: 2025) රාජ්‍ය අනුග්‍රහය යටතේ 2025 වර්ෂයේ මාර්තු මාසයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැළසුම් කර තිබේ. එහිදී ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් සකසන ප්‍රතිපත්ති ලේඛනය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීම විශේෂත්වයකි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී විද්වතුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේ දී ද්වීවාර්ෂික සමුළුවේ තේමාව පිලිබඳව විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි.

    ක්ෂේත්‍රයේ විද්වත්හු මෙම කාලීන තේමාව දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කළහ. මෙම ජාතික කර්තව්‍යය සඳහා බුද්ධිමතුන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත උපදේශක කමිටුව සහ කාර්‍යය සාධන කමිටුව (Advisory committee and Working commitee) කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා විසින් නිවේදනය කරන ලදි.

    කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරිනී ගීතානි කන්නන්ගර මහත්මිය ස්තූති කථාව ඉදිරිපත් කළාය. විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රය රටේ ආර්ථික වර්ධනයට වඩාත් ඉහළ දායකත්වයක් ලබාදීමේ ජාතික අවශ්‍යතාවය අවධාරණය කරමින් වැඩසටහන නිමාවට පත්විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img