විදුලි ගාස්තුව 22.5% කින් සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.
හෙට (16) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබේ.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇත.
ගෘහස්ත අංශයේ විදුලි ඒකක 30ට අඩු පාරිභෝගිකයින් සඳහා 25%කින් ගාස්තු අඩු කර ඇත.
ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර විදුලි ගාස්තුව 55%කින් අඩුවී තිබේ.
මේ අතර, ඒකක 61 ත් 90 ත් අතර මාසික පරිභෝජනයක් සහිත විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත් 55% කින් අඩු කෙරේ.
ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.
එම නිවේදනය පහතින්.
රැවටෙන්න එපා , ජන්දය හින්දා අඩු කලේ . වැඩි කරනකොට කොච්චර මිනිස්සු කිව්වද වැඩි කරන්න එපා කියලා , තුට්ටුවකට ගානක් ගත්තේ නැති කාලකන්නි ආන්ඩුව , දැන් අඩුකලේ මුන්ට ජන්ද ගන්න