ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.
ඒ අනුව වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේ අවසරය ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකියාව ලැබේ.
තායිලන්තයට වීසා නොමැතිව ඇතුළු වන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු වේ.
එමෙන්ම එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්ය ය.
තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා අදාළ පියවර ගෙන ඇත.