තවත්
    මුල් පිටුවදේශීය පුවත්දික්වැල්ලෙන් ජංගම දුරකථනයක් ඉස්සූ පකිස් තානුවන් 03ක් කැප්පැටිපොලින් කොටුවූ හැටි

    දික්වැල්ලෙන් ජංගම දුරකථනයක් ඉස්සූ පකිස් තානුවන් 03ක් කැප්පැටිපොලින් කොටුවූ හැටි

    රුපියල් ලක්ෂ 02 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීමක් සම්බන්ධයෙන් පකිස්තානුවන් තිදෙනෙක් දික්වැල්ල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 21,25 සහ 24 යන වයස්වල පසුවන පකිස්තානුවන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි දික්වැල්ල පොලීසිය සඳහන් කළේය.

    මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින මෙම පකිස්තානුවන් දික්වැල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලකට පසුගිය 12 වෙනිදා පැමිණ ඇත්තේ ජංගම දුරකථනයකට ඩේටා කේබල් එකක් මිලදී ගැනීම සඳහා යැයි පවසමිනි. ඒ අතර ඔවුන් ජංගම දුරකථන කිහිපයක් අතපත ගාමින් පරීක්ෂාකර බලා ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ ඉතා සූක්ෂම ලෙස දුරකථනයක් සොරාගෙනය.

    අලෙවියට තිබුණු ජංගම දුරකථනයක් අතුරුදන්ව ඇතිබව වෙළඳසැලේ සිටි අය දැක අත්තේ පකිස්තානුන් පිටව ගිය පසුවය. ඒ වන විටත් පකිස්තානුවන් ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී පිටව ගොස් බොහෝ වේලාවක් ගතවී තිබී ඇත.

    ජංගම දුරකථන අලෙවි සැලේ ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පකිස්තානුවෙක් ඔහු රැගෙන පැමිණි මුදල් පසුම්බියක් අස්සේ දුරකථනය සඟවාගෙන රැගෙන යන අයුරුය. එබැවින් මේ ගැන වෙළඳසැල් හිමියා දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

    ඒ අනුව පොලීසිය විමර්ශන පවත්වා ආරක්ෂක කැමරා මගින් පරීක්ෂාකර පකිස්තානුවන් පැමිණි මෝටර් රථයේ අංකය සොයාගෙන තිබේ. එම අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලබාදී පරීක්ෂාකිරීමේදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථයේ හිමිකරු තලංගම අයෙක් බවය. දුරකථන ඇමතුමක් දෙමින් අදාල මෝටර් රථයේ හිමිකරුගෙන් මෝටර් රථය ගැන විමසීමේදී අනාවරණය වී ඇත්තේ එම රථය කුළි පදනම මත ධාවනය යොදවා ඇති එකක් බවය. එම රථයේ ගමන්කරන ස්ථාන හදුනා ගැනීම සඳහා ජී.පී.එස්. සවිකර තිබී ඇති බැවින් හිමිකරු එය පරීක්ෂාකර පොලීසිය දැනුවත්කර ඇත්තේ ඒ වන විට රථය කැප්පැටිපොල ප්‍රදේශයේ ඇති බවය. රථය නතරකර ඇති ස්ථානය පෙන්නුම් කිරීම හේතුවෙන් දික්වැල්ල පොලීසියේ නිලධාරීන් කැප්පැටිපොල පොලීසියේද සහය ඇතිව 13 වෙනිදා අලුයම වන විට සැකකරුවන් තිදෙනා සොරාගත් දුරකථනයද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    සැකකරුවන් තිදෙනා අද මාතර කොටුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිකතව තිබුණි.

    විමර්ශන කටයුතු සිදුකර තිබුණේ දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img