තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විස්සයි-20 ලෝක කුසලානය ඉන්දියාවට

    විස්සයි-20 ලෝක කුසලානය ඉන්දියාවට

    අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජයට පත්කරමින් විස්සයි 20 ලෝක කුසලානය 2024 තම මවුබිමට දිනා දීමට ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

    ඒ අනුව විස්සයි 20 ලෝක කුසලානය දෙවතාවක් දිනාගත් රටවල් අතරට අද ඉන්දියාව ද එක්විය. මිට පෙර 2007/08 විස්සයි 20 ආරම්භක ලෝක කුසලානය දිනා සිටි ඉන්දියාව ඉන් වසර 16කට පසුව නැවත තම මවුබිමට ලෝක කුසලානය දිනා දීමට සමත්වීම කැපී පෙනෙයි.

    බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි බ්‍රිජ් ටවුන් හි පැවැති මෙම අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය. පන්දු පනස් නවයක දී ලකුණු 76ක් ලබාගත් විරාත් කෝලි ඉන්දියාවේ බලාපොරොත්තු ලෝක කුසලාන ය දක්වා රඳවා තැබීය.

    ජයග්‍රහණය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දු තිහකට ලකුණු 30ක් තරම් කුසලානයට ළං උවද ජස්ප්‍රිට් බූම්රා සහ හාර්දික් පාණ්ඩයා දකුණු අප්‍රිකාවේ සිහින බොඳකර දැමූහ.

    තරගයේ වීරයා සම්මානය විරාත් කෝලිට හිමිවිය. තරගාවලියේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බූම්රාට හිමිවිය.

    ඉන්දියාව 176/7 (20)

    දකුණු අප්‍රිකාව 169/8 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img