තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිරිවෙන් අධ්‍යාපනයටත් ඩිජිටල් තාක්ෂණය

    පිරිවෙන් අධ්‍යාපනයටත් ඩිජිටල් තාක්ෂණය

    පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබේ.

    එමඟින්, පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි/ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වනු ඇති බව රජයේ අදහසයි.

    ඒ අනුව, එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කෙරේ.

    එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img