විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් ඇෆ්ගනිස්ථාන අද (25) ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට එක්වීමේ භාග්‍ය හිමි කර ගත්තේය.
ඉන්දියාව සහ ඔ්ස්ට්‍රේලියාව අතර තරගය ඉන්දියාව ජයගන්නේනම් හා තමන්ට බංග්ලාදේශය පරාජය කිරීමට හැකි නම් පමණක් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට එක්වීමේ අවස්ථාව හිමිව තිබු ඇෆ්ගනිස්ථානය අද එම අවස්ථාව උදා කර ගත්තේය.
ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම ඩග්ලස් ලුවිස් න්‍යායට අනුව ලකුණු 8කින් පරජය කරමිනි. කිංග්ස්ටවුන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5කට ලකුණු 115 හිමිකර ගත්හ.
වර්ෂාවෙන් තරගයට එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින් බංග්ලාදේශයට පන්දුවාර 19ක් තුළ ලකුණු 114ක් ලබා ගැනීමේ ඉලක්කයක් ලැබී තිබිණි. එසේ වුවද ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් පන්දුවාර 17.5 තුළ සියලුදෙනා දැවී බංග්ලාදේශයට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 105 පමණි.
ඒ අනුව ලකුණු අටකින් බංග්ලාදේශය පරාජය කළ ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සහභාගිවීමේ වරම් උදාකර ගත්තේය.
මෙම ජයග්‍රහණය සමඟ ඔ්ස්්ට්‍රේලියාවට තව දුරටත් ඉදිරියට යාමට තිබූ අවස්ථාව අහිමිවන අතර එම කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව තරග සඳහා සුදුකම් ලබා සිටියි.
ලකුණු 26කට කඩුළු 4ක් දවා ගත් ඇෆ්ගනිස්ථානයේ නවි උල් හක් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ඇෆ්ගනිස්ථානයට අවසන් පූර්ව තරගයට පැමිණීමට දායක වූ අනෙක් තරගය වූයේ ඉන්දියාව සහ ඔ්ස්ට්‍රේලියාව අතර තරගයයි. එම තරගය ලකුණු 24කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේය.
පන්දු හතළිස් එකක දී ලකුණු 92ක් ලබාගත් රෝහිත් ෂර්මා එම තරගයේ වීරයා සම්මනාය දිනා ගත්තේය.
ඇෆ්ගනිස්ථානය 115/5 (20)
බංග්ලාදේශය (17.5) 105/10 (ඉලක්කය 114 (19))
ඉන්දියාව 205/5 (20)
ඔ්සට්‍රේලියාව 181/7 (20) (ඉලක්කය 206)