අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට බුදුසසුන පිහිටුවීමෙන් ආලෝකමත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ.
එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් විය.
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම වැනි වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහොය දිනයේ වූ විශේෂ සිදුවීම් ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙයි.
අද දිනයේ සමරන පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවිඩය පහතින්.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අදට යෙදෙන පොහෝ දිනයේ නිකුත් කළ පණිවිඩය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරන ලද පොසොන් පොහෝ දින පණිවිඩය පහතින්.