තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්

    පොසොන් පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්

    (නදීක දයා බණ්ඩාර – මහනුවර)

    පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් මහනුවර කේන්ද්‍ර කොට ආරම්භ විය.

    දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටියි. ඓතිහාසික මඟුල් මඩුවේ සහ නාථ දේවාල පරිශ්‍රයේ සීල ව්‍යාපාර පැවැත්වෙන අතර දළදා මාලිගාව සංවිධාන කළ දන්සැල උදෑසන සිට දිනය පුරා මාලිගාව ඉදිරිපිට දී ක්‍රියාත්මක වේ.

    මල්වතු හා අස්ගිරි මහා විහාර, ඓතිහාසික බහිරවකන්ද විහාරස්ථානය, ගැටඹේ රාජෝපවනාරාමය ඇතුලු සියලුම විහාරස්ථානවල පෝය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img