Home උණුසුම් පුවත් “සාපෙළ ඇගයීම් හෙට නවත්තනවා” -ගුරු විදුහල්පති වර්ජන තර්ජන

“සාපෙළ ඇගයීම් හෙට නවත්තනවා” -ගුරු විදුහල්පති වර්ජන තර්ජන

“සාපෙළ ඇගයීම් හෙට නවත්තනවා” -ගුරු විදුහල්පති වර්ජන තර්ජන

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හෙට(12) දහවල් 1.00න් පසුව නවතා දමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු-විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බව ඔහු කියාසිටී.

ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට පාසල් අවසන් වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.

“දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ. දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු – විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක.” යැයි ද ස්ටාලින් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here