Home උණුසුම් පුවත් ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් ගැරූ සාත්තු සේවිකාව කොටුවෙයි

ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් ගැරූ සාත්තු සේවිකාව කොටුවෙයි

0
ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් ගැරූ සාත්තු සේවිකාව කොටුවෙයි

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බව සඳහන්කරමින් මූල්‍ය වංචාවක නිරත වූ සාත්තු සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සාත්තු සේවිකාව පුද්ගලයින් 53 දෙනෙකුගෙන් රුපියල් 46,064,300ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

වරකාපොල දොරවක පීල්ලගාව වත්තේ පදිංචිකාරියක් වන මෙම කාන්තාව අවුරුදු 51ක් වයසැති තැනැත්තියකි.

මෙම කාන්තාව ඊශ්‍රායල් රැකියා වංචාවේ නිරතව සිට ඇත්තේ, ආණ්ඩුවේ ප්‍රබලයින් පවා දැන හදුනන බවත් ඒ ඔස්සේ ඊශ්‍රායලයට පුද්ගලයින් යවන බවත් පෙන්වමිනි.

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇයට එවැනි කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here