fbpx
තවත්
    මුල් පිටුවspecialඅඩසියවසකට පසුව ලැබුණු උපාධිය

    අඩසියවසකට පසුව ලැබුණු උපාධිය

    වසර පනහකට පසුව තම උපාධි සිහිනය සැබෑ කරගැනීමට හැකි වූ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවේ.

    මෙලෙස සිය උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව හිමි වූයේ ටොනේඩෝ අනතුරු ඇඟවීමක් හේතුවෙන් උපාධි ප්‍රධානොත්සවය මීට වසර පනහකට පෙර අවලංගු කළ එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ මුවර් හි උසස් පාසලක අධ්‍යාපනය ලැබූවන් පිරිසක් හටයි.

    මෙම පිරිස 1974 වර්ෂයේදී සිය උපාධි ප්‍රධානෝත්සවයට එක් වීමට අවස්ථාව නියමව තිබිණි. එහෙත් සිය දිවියේ වැදගත්ම අවස්ථාව අහිමි වූ මෙම පිරිසට ඉකුත් සෙනසුරාදා දිනයේදී සිය උසස් පාසලේ නිල් පැහැති උපාධි ලෝගුව පැළඳ සිය තරුණ ජීවිතයේ ආරම්භ සනිටුහන් කිරීමට තිබු එම අවස්ථාව වසර පනහකට පසු සැමරීමට අවස්ථාව හිමිවිය.

    ගතවූ වසර 50ක කාලය තුලදී මෙම උපාධී ප්‍රධානෝතසවය පැවැත්වීමට කිසිඳු අයුරකින් සැලසුම් කර නොතිබුණු පසුබිමක අදාල පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් 500 දෙනෙකු තමන් වෙනුවෙන් විධිමත් උපාධි ප්‍රදානොත්සවයක් පැවැත්වීමට සාකච්ඡාවක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම උපාධි ප්‍රධානොත්සවය පැවැත්විණි.

    මෙම උපාධි ප්‍රදානොත්සවය 1974 මැයි 23 වන දින, පැවැත්වීමට නියමිතව තිබු අතර උත්සවයට සියලුදෙනා එක්ව සිටි අවස්ථාවේදී හදිසියේම ඇති වූ ටොනෝඩෝ ත්ත්වයත් සමඟ එම උත්සවය අවලංගු කිරීමට පාසල් බලධාරීන් තීරණය කළ අතර එහිදී සිසුන් තම ආරක්ෂාව පතා උත්සව භූමියෙන් ඉවත්ව ගොස් තිබිණි.

    කෙසේවෙතත් ඉන් පසුව මෙම උපාධි ප්‍රදානොත්සවය සම්බන්ධයෙන් යලිත් කිසි දිනෙක කතා බහකට ලක් වී නොතිබිණි.

    ඒ අනුව ඉකුත් දා පැවති උපාධි ප්‍රදානොත්සවයට එම පන්තියේ සිටි සිසුන් 500 දෙනාගෙන් 200 දෙනෙකු එක්ව සිටි අතර මේ වන විට මරණයට පත්ව සිටි පිරිසගේ පවුල්වල සමාජිකයින් හට ඔවුන් වෙනුවෙන් සහතිකය ලබාගැනීමට අවස්ථාව හිමිවිය.

    මේ අතර මීට අඩ සියවසකට පෙර උපාධි ප්‍රදානෝතසවයේදී සිදු කිරීමට සූදානම් කර තිබූ කතාව වෙනස් කිරීම් කිහිපයක් ඇතුළුව එලෙසම සිදු කිරීමට එම පන්තියේ නායකයා පියවර ගැනීමට සුවිශේෂී අවස්තාවක් වියි.

    මෙම අවස්ථාවේදී වර්ෂ 1988 උපන් එම පාසලේ වර්ථමාන විදුහල්පතිවරයි සඳහන් කර සිටියේ අඩ සියවසකට පසුව හෝ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට හැකි වීමට ඉතා සුවිශේෂී සිදුවීමක් මෙන්ම එම සිසුන් සියලුදෙනාට සාධාරණයක් හිමිවීමක් බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.