fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතාව අසරණ කරමින් දුම්රිය ගණනාවක් අවලංගුයි -වර්ජනය අදත්

    ජනතාව අසරණ කරමින් දුම්රිය ගණනාවක් අවලංගුයි -වර්ජනය අදත්

    තුන්වන දිනටත් අද ක්‍රියාත්මත දුම්රිය රියැදුරන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

    දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

    ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.