fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේදී හසුවූ ලාංකික IS සාමාජිකයන්ට සහය දුන් ඔස්මන් කොළඹදී කොටුවෙයි

    ඉන්දියාවේදී හසුවූ ලාංකික IS සාමාජිකයන්ට සහය දුන් ඔස්මන් කොළඹදී කොටුවෙයි

    ඉස්ලාමීය රාජ්‍ය(IS) ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ ඔවුන්ට සහය වූ බවට සැකකෙරෙන වඩාත්ම අවශ්‍ය සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(CID) නිලධාරීන් කළ මෙහෙයුමකින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමට ගොස් සිටියදී අත්අඩංගුවට පත් අයි.එස්. සිව්දෙනා මෙරට සිට ඉන්දියාවට යැවීම සමබන්ධිකරණය කළ පුද්ගලයාගේ ජංගම දුරකතන සඟවාගෙන සිටි පුද්ගලයාව අද රාත්‍රියේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නැමැති ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹදීය.

    මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට තොරතුරු සපයන පුද්ගලයෙකුට ලක්ෂ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදලක් දෙන බවද පොලිසියේ නිවේදනය කළේය.

    මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළි වී ඇත්තේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස් සැකකරුවන් සිව් දෙනා සම්බන්ධීකරණය කළ බව කියන අමීන් නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේදීය.

    එම අමීන් නමැති පුද්ගලයාගේ ජංගම දුරකථනයෙන් සැඟවීමට ලබාදී තිබී ඇත්තේ මෙම පුද්ගලයාටය.

    සබැඳි පුවත්
    ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ ලාංකිකයන් අතර නාට්ටාමිලා 2ක්
    මොහු ගැන දන්නවාද? වහාම කිව්වොත් අතට ලක්ෂ 20ක් (📹)
    රට ඇතුළෙත් IS ත්‍රස්තයින් ඉන්නවාදැයි විශේෂ කමිටුවකින් විමර්ශනයක්
    කට වරද්දාගත් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝගීව සිටි කතක් අවසන් හුස්ම හෙළයි

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.