Home උණුසුම් පුවත් ග්‍රීසියේ බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස්

ග්‍රීසියේ බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස්

ග්‍රීසියේ බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස්

මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පැවති නඩුවෙන් අද ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ 2012 වසරේ ග්‍රිසියේ බැදුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදුකළ බවට එල්ල වු චෝදනා මත අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවට අදාළව ය.

විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කර තිබුණේ මාර්තු 26 වනදායි.

ඒ වනවිට නව දූෂණ විරෝධි පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර නොතිබු බවට විරෝධතා පළකර තිබුණි.

මේ අනුව අදාළ චෝදනා පත්‍රයේ වලංගුභාවය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇති බැවින් අධිචෝදනා භාරදීම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

මෙම තත්ත්වය යටතේ විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here