Home උණුසුම් පුවත් මත්කුඩු ජාවාරම්කරුගේ නිවසින් ඇල්ලූ සැකකරුවන් අතර SI කෙනෙකුත්

මත්කුඩු ජාවාරම්කරුගේ නිවසින් ඇල්ලූ සැකකරුවන් අතර SI කෙනෙකුත්

මත්කුඩු ජාවාරම්කරුගේ නිවසින් ඇල්ලූ සැකකරුවන් අතර SI කෙනෙකුත්

මත්කුඩු ජාවාරම්කරුවෙකු කුළි පදනම මත රැදී සිටින නිවසක් වටලා මත්කුඩු සමඟ කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවටගත් සැකකරුවන් පස් දෙනෙක් අතර කයිට් පොලීසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් සිට ඇත.

මෙම වැටලීම කිලිනොච්චිය පොලීසිය විසින් සිදුකර ඇත්තේ ඊයේ සවස් කාලයේදී ආනන්දපුරම් ප්‍රදේශයේදීය.

එහිදී මත්කුඩු ජාවාරමට සම්බන්ධ ආනන්දරාසි ප්‍රසානන්ද් නැමැත්තා අයිස් මිලිග්‍රෑම් 2100ක් සහ මත්ද්‍රව්‍යවල බර කිරීමට යොදා ගන්නා ඩිජිටල් තරාදියක් සමඟ මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු සමඟ එම කුළි නිවසේ රැදී සිටි සිව් දෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. කයිට්ස් පොලීසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අහමඩ් නිරෝෂ් නැමැති නිලධාරියාද සිට ඇත්තේ එම සිව් දෙනා අතරය.

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම උප පොලිස් පරීක්ෂකයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් ලෙසය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here