Home උණුසුම් පුවත් කොළඹ-නුවර පාරේ කොටසක් හෙට වැසේ

කොළඹ-නුවර පාරේ කොටසක් හෙට වැසේ

කොළඹ-නුවර පාරේ කොටසක් හෙට වැසේ

හෙට (28) පෙරවරුවේ පැය කිහිපයක් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසාදැමේ.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ හෙට උදෑසන 08.00 සිට 10.00 දක්වා හෝ උදෑසන 09.00 සිට 11.00 දක්වා කාලය තුළදී එම මාර්ග කොටස වසාදැමෙන බවයි.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයක් සමඟ ගසක් ගැලවීයාම හේතුවෙන් එම ගස අසල පැවති දැවැන්ත පාෂාණ කුට්ටි දෙකක් බුරුල් වී ඇති බව එම සංවිධානය කියයි.

එම පාෂාණ කුට්ටි එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම මාර්ගය වසා දැමීමට සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here