Home උණුසුම් පුවත් මොහු ගැන දන්නවාද? වහාම කිව්වොත් අතට ලක්ෂ 20ක් (📹)

මොහු ගැන දන්නවාද? වහාම කිව්වොත් අතට ලක්ෂ 20ක් (📹)

මොහු ගැන දන්නවාද? වහාම කිව්වොත් අතට ලක්ෂ 20ක් (📹)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනයකට අදාලව මේ සමග යොමු කරනු ලබන ඡායාරූපයේ සහ වීඩියෝ දර්ශනවල සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

මෙම තැනැත්තා පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් පහත සඳහන් දුරකතන අංක වෙත දන්වා සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (රු.2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන බව පොලිස් මූලස්ථානය කියයි.

එමෙන්ම තොරතුර ලබාදෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටී.

සැකකරු පිලිබඳ පෞද්ගලික තොරතුරු

සැකකරුගේ නම- ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ්
පදිංචි ප්‍රදේශය -දෙමටගොඩ
උපන් වර්ෂය -1978
උස -අඩි 05′ අඟල් 06″

තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක

අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව -071-8591753
ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව -071-8591774

සබැඳි පුවත්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ ලාංකිකයන් අතර නාට්ටාමිලා 2ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here