Home special යුරෝපා රටවල් 3ක් පලස්තීනය පිළිගනී

යුරෝපා රටවල් 3ක් පලස්තීනය පිළිගනී

යුරෝපා රටවල් 3ක් පලස්තීනය පිළිගනී

 
පලස්තීනය, රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවල් ඊයේ (22) නිවේදනය කර ඇත.
 
“ද්වි-රාජ්‍ය විසඳුම” ඇතුළු සෙසු ජාත්‍යන්තර රෙගුලාසි මත පදනම්ව තම රට පිළිගනිමින්, සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීමට සහාය වන්නැයි, ජනාධිපති මහ්මුද් අබ්බාස් මහතා, මෙතෙක් පලස්තීනය පිළිගෙන නොමැති යුරෝපා රටවලින් ඉල්ලා සිටියේය. ඒ, එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය ඔස්සේ පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමිනි.
 
මේ අතර, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියාසිටියේ, පලස්තීන ජනතාවගේ නීත්‍යනුකූල ජාතික අයිතීන් ඔවුන්ට යළි හිමි කර දීමේ සාධාරණ ව්‍යායාමයට සහ පලස්තීන-ඊශ්‍රායල ද්වි-රාජ්‍ය විසඳුමට  චීනය සෑමවිටම දැඩි සහයෝගය දක්වන බව යි. චීනය පලස්තීන රාජ්‍යය පිළිගත් පළමු රටවලින් එකක් බව ද හෙතෙම පැවසීය.
 
පලස්තීන ප්‍රශ්නයට පුළුල්, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් රැගෙන ඒම සඳහා චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කරන බව ද වං වෙන් බින් මහතා එහිදී කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here