Home උණුසුම් පුවත් වසර 11කට පසුව දුන් ආන්දෝලනාත්මක රතුපස්වල නඩු තීන්දුව මෙන්න..

වසර 11කට පසුව දුන් ආන්දෝලනාත්මක රතුපස්වල නඩු තීන්දුව මෙන්න..

වසර 11කට පසුව දුන් ආන්දෝලනාත්මක රතුපස්වල නඩු තීන්දුව මෙන්න..

2013 වසරේ විරෝධතාවයක් අතරතුර පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අද නිදොස් කොට නිදහස් කර ති‍බේ.

ඒ, ඊට අදාළ නඩුව තීන්දුව ලබාදීම වෙනුවෙන් අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට අනුව ය.

සිද්ධියෙන් වසර 11කට පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

ගම්පහ රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර කරන කර්මාන්තශාලාවකට එරෙහිව 2013 අගෝස්තු 01 වන දින පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්වාසීන් විසින් විරෝධතාවක් පැවැත්වීමය.

එම විරෝධතාවයක් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම නිසා පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් 45 දෙනෙකු පමණ තුවාල ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here