fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල්ට විරුද්ධව මහින්දගේ නිවේදනය ඇත්තක්?

    රනිල්ට විරුද්ධව මහින්දගේ නිවේදනය ඇත්තක්?

    රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට එරෙහිව රටපුරා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් අද (12) නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ රාජ්‍ය දේපළ කඩිමුඩියේ විකුණා දැමීම ඉදිරි ජනාධිපතිවරණයෙන් නව රජයක් පිහිටුවනතුරු නවතා දැමිය යුතු බවයි.

    රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට දැනට ගෙන ඇති සියලු පියවර අත්හිටුවා ඉදිරියේ ලැබෙන ජනවරම අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ දක්වා තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටිහැටියේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයෝ විමතිය පළකරති.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය ගෙවා දැමීමට අන්තර්කාලීන වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට ලැබුණු බව අදාළ නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ මහතා දක්වා තිබීමත්, ජනපති රනිල් සමඟ අදාළ කාර්යට වැඩි දායකත්වයක් ලබාදෙන කැබිනෙට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නියෝජනය කරන බව සඟවා තිබීමත් ඊට හේතුවයි.

    එළැඹෙන ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කළේය.

    ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    මෙම නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම ගැන ඉඟි පළ කරමින් අදාළ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇති නිසා රනිල්ට විරුද්ධව මහින්දගේ මෙම නිවේදනය ඇත්තක්ද? යන්න ගැන බොහෝ පිරිසක් උනන්දුවෙන් පසුවෙති.

    ප්‍රයෝජනයට නොගත් රජයේ දේපළක් නැතිනම්, නිරන්තරයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් තිබේ නම්, එවැන්නක් ගොඩදැමීම සඳහා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් ලබාගැනීම අර්ථවත් ක්‍රියාවක් බව ද අදාළ නිවේදනයේ දක්වා ඇත.

    ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකට නව අංගයක් එක් කිරීමට තවත් ආයෝජනයක් අවශ්‍ය නම් සහ එම වියදම දැරීමට රජයට නොහැකි නම්, අදාළ අයෝජනය කිරීමට හැකියාවක් ඇති දේශීය හෝ විදේශීය ආයෝජකයකුට අදාළ ව්‍යාපාරයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් පවරා අවශ්‍ය අයෝජනය කරවා ගැනීම සාධනීය පියවරක් බවද එහි දක්වා තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) නිකුත් කළ නිවේදය මෙසේය.

    Sinhala Privatisation_240512_124206
    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.