fbpx
තවත්
    මුල් පිටුවspecialඇන්ඩර්සන් සමුගැනීම ප්‍රකාශ කරයි

    ඇන්ඩර්සන් සමුගැනීම ප්‍රකාශ කරයි

    ක්‍රිකට් ඉතිහාසයේ වේග පන්දුවෙන් ලබා ඇති වැඩිම කඩුළු සංඛ්‍යාවේ හිමිකරු වන එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියට සමුදෙන දිනය ප්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව එළැඹෙන ජුලි මාසයේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අවසානයේ තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව සිය සමාජ මාධ්‍යවෙත පණිවුඩයක් තබමින් ජේම්ස් ඇන්ඩර්සන් ප්‍රකාශ කරයි.

    මේ දක්වා ටෙස්ට් තරග 187කට සහභාගී වී ඇති ඇන්ඩර්සන් කඩුළු 700ක් දවාගෙන සිටියි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සැළකෙන්නේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් කණ්ඩායමට එරෙහිව ලකුණු 42කට ලබාගත් කඩුලු 7යි.

    ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් තරග 133ක දී කඩුළු 800ක් ලබාගත් අතර ඔහුට තරගයක් දුන් නැසී ගිය ෂේන් වෝන් තරග 145කදී කඩුලු 708ක් ලබාගත්තේය. ඔවුන් දෙදෙනාම ටෙස්ට් පිටියේ දඟ පන්දු යවන්නන් වේ.

    වේගපන්දුයවන්නකු වූ ජේම්ස් ඇන්ඩර්සන් මෙම වාර්තා අතර තෙවැනි තැනට පත්ව සිටින අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සිය අවසන් තරගයේ දී කඩුළු 8කට වඩා ලබාගත හොත් ඔහුට මෙම වාර්තා පොතේ දෙවැනි තැනට පත්වීමට ද අවස්ථාව උදාවෙයි.

    වසර 21ක කාලයක් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාව උදාකරගත් ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමේ අභිප්‍රායෙන් පසුවෙයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.