තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තව පිරිසක් රුසියා හමුදාවට ගිහින් අමාරුවේ -බේරගන්නැයි ඉල්ලති

    තව පිරිසක් රුසියා හමුදාවට ගිහින් අමාරුවේ -බේරගන්නැයි ඉල්ලති

    කුළි හේවායන් ලෙස රුසියාවට විශ්‍රාමික හමුදා සාමාජිකයන් තවත් 150ක පමණ පිරිසක් ගෙවීගිය සති දෙකක කාලය තුළ ගොස් ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

    මුළු පවුලටම රුසියාවේ පුරවැසිභාවය මෙන්ම ශාන්ත පීටර්ස්බර්ක් හී ඉඩම් ලබාදෙන බවට රැවටීමට ලක්කරමින් මෙසේ කුළි හේවායන් ලෙස හමුදා සාමාජිකයන් බදවාගන්නා බව අනාවරණය වී තිබේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රචාරයන් කරමින් කුළි හේවායන් බදවා ගැනීම සිදුවන බවද බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇත.

    මෙසේ කුළි හේවායන් ලෙස රුසියාවට රැගෙන යන හමුදා සාමාජිකයන්ට ජාවාරම්කරුවන් පවසන්නේ රුසියානු හමුදා කඳවුරුවල ඇතුලත සේවා කටයුතු සඳහා යොදවන බවය.

    එහෙත් එහි ගිය පසු එම සෙබලුන්ට සේවය කිරීමට සිදුවන්නේ ඉදිරි ආරක්ෂක වලල්ලේහි සටන්වලට බව රුසියානු හමුදා සේවයේ දැනට සිටින මෙරට සෙබලුන් පවසයි.

    ඒ එක් සෙබලෙක් වීඩියෝ පටයක්ද නිකුත්කර ඇති අතර ඔහු මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව බේරා ගන්නා ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img