තවත්
    මුල් පිටුවදේශීය පුවත්පළමු කාර්තුවේ චීනයේ නව රැකියා මිලියන 3 ඉක්මවයි

    පළමු කාර්තුවේ චීනයේ නව රැකියා මිලියන 3 ඉක්මවයි

    වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරේ.

    චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන් හි මේ බව දැක්වේ.

    මෙම වසරේ රට පුරා නගරවල නව රැකියා මිලියන 12 ක් උත්පාදනය කිරීම චීන රජයේ ඉලක්කය යි. ඒ අනුව, පළමු කාර්තුවේ දී ම අදාළ වැඩසටහන්වලින් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට හැකි ව තිබීම කැපීපෙනෙන කරුණකි.

    පසුගිය මාසයේ චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර, රැකියා තත්ත්වය ස්ථාවර වී තිබේ.

    චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක චෙං ෆෙං මහතා පෙන්වා දුන්නේ, රැකියා ප්‍රවර්ධන යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් වෘත්තීය නිපුණතා පුහුණු ඉහළ නැංවීමට ද පියවර ගන්නා බවයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img