තවත්
    මුල් පිටුවක්‍රීඩාවිරෙන් නෙත්තසිංහට ඔලිම්පික් වරම්

    විරෙන් නෙත්තසිංහට ඔලිම්පික් වරම්

    මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ට බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන විරෙන් නෙත්තසිංහ සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇත.

    අප්‍රේල් 28 වැනිදා අවසන්වන තෝරා ගැනීමේ ලේඛනයේ 38 දෙනාගෙන් 35 දෙනෙකුගේ නාම ලේඛනය අද (17) වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇති අතර එම ලේඛනයේ විරෙන් නෙත්තසිංහට 32වැනි ස්ථානය හිමිව තිබේ.

    ඒ අනුව විරෙන් නෙත්තසිංහ නිසැකවම මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමිකරගන්නවා ඇත. මෙම නම් කිරීමට පෙර විරෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 72වැනි ස්ථානයේ පසුවිය.

    මෙයට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෘජුව ඔලිම්පික් වරම් දිනාගත් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකි. ඒ තිලිණි ජයසිංහ සහ නිලූක කරුණාරත්නයි.

    ඒ අනුව එවැනි දස්කමක් දක්වන තෙවැන්නා වීමේ භාග්‍යය මෙන්ම ඔලිම්පික් නියෝජනය කරන ලාබාලම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීමේ භාග්‍යය ද විරෙන් නෙත්තසිංහට හිමිවනු ඇතැයි ක්‍රීඩා විශලේෂකයෝ පවසති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img