Home උණුසුම් පුවත් අවුරුදු ගීතය විකෘති කොට සමාජ ජාලයට මුදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට

අවුරුදු ගීතය විකෘති කොට සමාජ ජාලයට මුදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට

අවුරුදු ගීතය විකෘති කොට සමාජ ජාලයට මුදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට

‘තුන් හෙළේ හැඩ..’ (සූර්ය මංගල්ලේ..) අවුරුදු ගීතය විකෘති කර, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් සිදු කර ඊයේ ( 16) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සැකකරු අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සෑම වසරකම අවුරුදු සමයේ නිරන්තරව ඇසෙන මෙම ගීතය විකෘති කොට, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමක් සම්බන්ධයෙන් පොලිස්පති වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා, රන්වල බලකාය සමඟ ගායනා කරන මෙම ගීතය ස්වාධීන රූපවාහිනියේ අවුරුදු උළෙලක් සඳහා මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන ලද තේමා ගීතයකි.

සබැඳි පුවත්
අවුරුදු ගීතයක් විකෘති කොට සමාජ මාධ්‍යයට මුදාහැරි අය ගැන පරීක්ෂණයක් (🎶)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here