තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර ආරම්භයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ කැපීපෙනෙන වර්ධනයක්

    වසර ආරම්භයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ කැපීපෙනෙන වර්ධනයක්

    2024 වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 29,629.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5.3% ක වර්ධනයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් අද (16) පැවසීය.

    චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදන යහපත් තත්ත්වයේ පවතින අතර, කාර්මික නිෂ්පාදන අංශය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. රටේ වෙළඳපොළ විකුණුම් ද ස්ථාවර ලෙස වර්ධනය වන බව එම සංඛ්‍යාලේඛනයන් හි සඳහන් ය. ස්ථාවර වත්කම් ආයෝජන ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. භාණ්ඩ ආනයනය හා අපනයනය ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන අතර, රැකියා තත්ත්වය ද ස්ථාවර වී තිබේ. ජනතාවගේ ආදායම ද ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

    මේ කාලය තුළ සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයේ ධනාත්මක සාධක තහවුරු වී ඇති අතර, එය වාර්ෂික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මනා පදනමක් සකසා ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වාදෙයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img