Home උණුසුම් පුවත් ඇමතිවරයෙක් ගිය රථයක් ගිනිගනී

ඇමතිවරයෙක් ගිය රථයක් ගිනිගනී

ඇමතිවරයෙක් ගිය රථයක් ගිනිගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් කරමින් සිටි රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද අලුයම හදිසි ගිනිගැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බව සඳහන් ය.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙය සිදුව ඇත.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here