Home උණුසුම් පුවත් යුක්රේන් ප්‍රහාරයකින් රුසියානු හමුදාවේ ශ්‍රී ලාංකිකයන් 02ක් මියගිහින්

යුක්රේන් ප්‍රහාරයකින් රුසියානු හමුදාවේ ශ්‍රී ලාංකිකයන් 02ක් මියගිහින්

0
යුක්රේන් ප්‍රහාරයකින් රුසියානු හමුදාවේ ශ්‍රී ලාංකිකයන් 02ක් මියගිහින්

කුලී හේවායන් ලෙස රුසියානු හමුදාවට එක්ව සිටින මෙරට හමුදාවේ විශ්‍රාමිකයින් දෙදෙනෙක් යුක්රේන් හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊයේ (10) මියගොස් ඇතැයි එරටින් ලැබෙන තොරතුරු සඳහන් කරයි.

යුක්රේනයේ අල්ලාගත් ප්‍රදේශයක සෝදිසියක් දියත් කිරීමට යමින් සිටි රුසියානු හමුදාවන් එල්ලකරමින් යුක්රේන් හමුදාව විසින් දියත් කළ ප්‍රහාරයකින් මෙම ශ්‍රී ලංකිකයන් දෙදෙනා මියගොස් ඇත.

මෙම යුක්රේන් ප්‍රහාරයෙන් රුසියානු හමුදාවේ කිහිප දෙනෙක්ද මියගොස් ඇති බව එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

මියගොස් ඇති දෙදෙනා සංචාරක වීසා මගින් රුසියාවට ගොස් එරට හමුදාවට එක්වූ විශ්‍රාමික හමුදා සාමාජිකයන් බව කියැවේ.

රුසියානු හමුදාවේ සහයක සේවා රැකියා සඳහා යැයි කියා ඒජන්සිකරුවන් මේ වන විට සංවිධානාත්මකව රුසියාවට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන ගොස් ඒ අයව රුසියානු හමුදා සේවයට යෙදවේ. මියගොස් ඇත්තේ එසේ රුසියානු හමුදා සේවයට එක්වූ දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here