Home උණුසුම් පුවත් මෙරට නිල විදේශ සංචිත 9.5%කින් ඉහළට

මෙරට නිල විදේශ සංචිත 9.5%කින් ඉහළට

මෙරට නිල විදේශ සංචිත 9.5%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත පෙබරවාරි මාසයේදී 9.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පෙර මාසය වනවිට පැවතියේ ඩොලර් බිලියන 4.52 ක් වන අතර එය මේ වසරේ පෙබරවාරියේදී ඩොලර් බිලියන 4.95 දක්වා ඉහළ ගොස් ඇත.

එය රටේ ආර්ථික සංවර්ධනයේ ධනාත්මක ගම්‍යතාවය පිළිබිඹු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මූල්‍ය ස්ථාවරත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ ආර්ථිකය කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කිරීම මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රතිඵල බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති බව මෙමගින් පෙන්නුම් කරන බව හෙතෙම කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here